මඩකලපුව කන්නාමුණෙයි ශාන්ත ජෝෂප් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබා 2017.11.27 වන දින බන්ධනාගාර දෙපාර්මේන්තුවේ බන්ධනාගාර නියාමක වරයෙකු ලෙස සේවයට එක්වී දැනට යාපනය බන්ධනාගාරයේ සේවය කරන ආර්.බෙන්සි නිලධාරියා  ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායමට තේරී පත් වී 2022.03.16 සිට 25 වන දින දක්වා බන්ගලාදේශයේ රටවල් 10යක් සහභාගීත්වයෙන් පැවැත්වෙන බන්ගබන්දු  කුසලාන තරඟය සදහා  සහභාගී විමට  සුදුසුකම් ලබා ඇත.

මෙම ක්‍රීඩකයා පාසල් අවධියේ සිටම කබඩි, හොකි, පිහිනුම් හා මලල  ක්‍රීඩා වල නිරතව ජයග්‍රහණ රැසක් ලබා  ගෙන ඇති අතර ,2016 වර්ෂයේ ඉරාණයේ පැවති ආසියානු  කනිෂ්ඨ කබඩි ශුරතාවය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තරඟාවලයේ තෙවැනි ස්ථානය ලබා ගෙන ශ්‍රී ලංකාවට  කිර්තියක් අත්කර දුන් ක්‍රීඩකයෙකි.  පසු ගිය වසර කිපය පුරාවටම  ජාතික මහා ක්‍රීඩා උළෙල සදහා නැගෙනහිර පළාත් කබඩි කණ්ඩායම නියෝජනය කර දස්කම් දක්වා ඇත.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිර්තියක් හා ගෞරවයක් ලබා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  තුෂාර  උපුල්දෙනිය මහතා හා බන්ධණාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගම‍යේ ප්‍රධාන ලේකම් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා විසින් එම නිලධාරියා ඇගයිමට ලක් කර ඇති අතර,  2022.03.16 සිට 25 දින දක්වා බන්ගලාදේශයේ  පැවැත්වෙන බන්ගබන්දු  කුසලාන තරඟය සදහා සුභාශිංෂණ එක් කරන ලදි.