අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘති වැඩමුළුවේ දෙවන අදියර අද දින (2021-03-06) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී ආරම්භ විය. දින දෙකක පුහුණුවක් වන මෙහි පළමු අදියර වැලිකඩ බන්ධනාගාරයේ දී පවත්වන ලදී.

මෙම පුහුණුව මගින් බන්ධනාගාර තුල නේවාසික සහචර නායකයන් පුහුණු කර ඔවුන්ගේ නායකත්වය යටතේ බන්ධනාගාර ගතවූ පසු විවිධ ක්‍රම මගින් මත්ද්‍රව්‍ය ලබාගැනීමට විරුද්ධව කටයුතු කරන නේවාසික කණ්ඩායමක් බිහිකර එම කණ්ඩායම මගින් අනෙකුත් නේවාසිකයන් දැනුවත් කිරීම මෙහි අරමුණක් වන අතර Drugs Free Prisons සංකල්පය හදුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණයි.

රැඳවියන් නායකයින් ලෙස පුහුණු කර හැකියාවන් හා දක්ෂතාවයන් හඳුනාගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා එම හැකියාවන් යොදාගැනීමත්, ජීවිතාවබෝධය රසවින්දනය හා පෞර්ෂත්වය වර්ධනය කිරීම යන මාතෘකා ඔස්සේ ඉතා හරවත් දේශන සහිත පුහුණු වැඩසටහනක් මෙම දෙදින තුල ක්‍රියාත්මක වේ.

මෙහි ආරම්භක උත්සවය සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරි රජීව් ශ්‍රීමාල් සිල්වා මහතා , බන්ධනාගාර පුනරුත්ථාපන අධිකාරි ජයන්ත අදාසූරිය මහතා හා දෙපාර්තමේන්තු ඉහළ නිලධාරීන් ද, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් කළමණාකරු සනත් දිනසේකර මහතා, අධ්‍යාපන උපදේශක දුල්ෂානි තාරකා මහනාම මහත්මිය හා උපදේශක විමුක්ති රූපානන්ද මහතා සහභාගීවිය.