About Prisons Media

This author has not yet filled in any details.
So far Prisons Media has created 135 blog entries.

උපාධිධාරී බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හමුවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටින උපාධිධාරී නියාමක නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් 2021-07-14 දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සමඟ බන්ධනාගාර මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභසාධක සංගමය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුවය. මෙහිදී උපාධිධාරී නිලධාරීන් කියා සිටියේ මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උපාධිධාරී නියාමක නිලධාරීන් 70 කට [......]

2021-07-16T13:22:43+05:30ජූලි 16, 2021|

බන්ධනාගාර නිලධාරීන්ගේ සුභසාධක කටයුතු ඉහල නැංවාලීමේ සාකච්ඡාව…

සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ හා සමස්ත ලංකා ජේලර් නිලධාරීන්ගේ සුභසාධක සංගමයේ ඉල්ලීමකට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ සුභසාධන කටයුතු නංවාලීම සඳහා ගතයුතු පියවර කීපයක් සම්බන්ධව බන්ධනාගාර කළමණාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් සමග සාකච්ඡාවක් 2021.07.13 වන දින පවත්වන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ [......]

2021-07-15T14:03:15+05:30ජූලි 15, 2021|

බන්ධනාගාර රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කෙරේ…

රටේ පවතින කාබනික පොහොර හිඟයට හා ගැටළුවට පිලියමක් ලෙස සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වසවිසෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය [......]

2021-06-29T16:35:17+05:30ජූනි 28, 2021|

බන්ධනාගාර ආයතන සඳහා ශරීර උෂ්ණත්වමාන උපකරණ පරිත්‍යාග කෙරේ…

බන්ධනාගාර ආයතනවල කොවිඩ් මර්ධනය හා සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා විසින් එතුමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස ශරීර උෂ්ණත්වය මනින විද්‍යුත් උෂ්ණත්වමාන කට්ටල 30ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව [......]

2021-06-16T10:00:56+05:30ජූනි 15, 2021|

බන්ධනාගාර රෝහල වෙත සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ…

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තීරණාත්මක හා අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දී සිටින මොහොතේ බන්ධනාගාර තුලද කොවිඩ් රෝගීන් හමුවන පසුබිමක් තුල එම රෝගීන් සුව කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද ඉමහත් වෙහෙසක් දරමින් සිටී. එම කාර්යයට විශාල දායකත්වයක් දරමින් අද දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයින් විසින් [......]

2021-06-14T13:41:50+05:30ජූනි 14, 2021|

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ කොටසක බන්ධනාගාර කෞතුකාගාරයක් පිහිටුවීමට යෝජනා කෙරේ….

පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල හා කොටු පවුර ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කල පසු එම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී. 1876 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලද අතර [......]

2021-06-11T13:15:49+05:30ජූනි 11, 2021|

හොරණට යන වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිළිබඳ සාකච්ඡාව…

වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින් බන්ධනාගාර ඇතුලු කොළඹ බන්ධනාගාර පරිශ්‍රය හොරණ මිල්ලෑව ප්‍රදේශයට නවීන පහසුකම් වලින් සපිරි බන්ධනාගාර පරිශ්‍රයක් ලෙස ගෙන යෑමට පසුගිය දා සියළු වැඩකටයුතු ආරම්භ කරන ලදී.එම වැඩකටයුතු වල නව ප්‍රගතිය හා ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් සිදුවන ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීම සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය [......]

2021-06-05T10:23:56+05:30ජූනි 5, 2021|

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් හට බුද්ධි පුහුණු පාඨමාලාවක්…

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් හට රාජකාරියට අදාල මූලික බුද්ධි පුහුණු පාඨමාලාවක් කරන්දෙනිය යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා පුහුණු පාසලේදී පවත්වන ලදී. 2021-04-19 දින ආරම්භ කල මෙම පුහුණුව අධියර තුනක් යටතේ නිලධාරීන් 88 දෙනෙකු සඳහා එක් කණ්ඩායමකට දින පහක පුහුණුවක් ලෙස කණ්ඩායම් තුනක් සඳහා පුහුණු වැඩමුළු තුනක් පවත්වන ලදී. [......]

2021-05-10T08:51:31+05:30මැයි 10, 2021|

ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් වැලිකඩ බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක…

2021-04-20 වන දින ගරු බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමන් වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදි. සිංහල හා හින්දු අළුත් අවුරුදු උදාවෙන් පසු එතුමන් එක්වූ පළමු බන්ධනාගාර සංචාරය මෙය විය.   මෙහිදී වැලිකඩ බන්ධනාගාරය තුල ඇති මුලුතැන්ගෙය, චැපල් අංශය, බේකරි අංශය හා එල්ලුම් ගහ [......]

2021-04-21T15:59:16+05:30අප්‍රේල් 21, 2021|

වීරවිල බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වේ…

වීරවිල බන්ධනාගාර එලිමහන් වැඩ කඳවුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනේ කඳවුරු නිරීක්ෂණ චාරිකාව හා ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම 2021-04-07 වන දින වීරවිල බන්ධනාගර පරිශ්‍රයේදී සිදුවිය.   මෙහිදී ආයතනයේ වාට්ටු අංශයන් නිරීක්ෂණය, වැඩ බිම් පරීක්ෂාව, ක්‍රීඩා පිටිය නවීකරණය, වොලිබෝල් ක්‍රීඩාපිටිය ඉදිකිරීම හා [......]

2021-04-08T17:44:59+05:30අප්‍රේල් 8, 2021|
Go to Top