උසස්වීම් ලද සහකාර බන්ධනාගාර අධිකාරී වරුන්ට උපදෙස්….

වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා නිලධාරීන් 14 දෙනෙකු පත්කර ඇති අතර ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට හා රජකාරී ඉටුකිරීම සම්බන්ධව උපදෙස් ලබාදීමේ විශේෂ වැඩසටහනක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් [......]

2021-02-17T10:35:35+05:30පෙබරවාරි 14, 2021|

හිරුට තුති පුදා තෛපොන්ගල් උත්සවය යාපනයේදී……

2021 ජනවාරි මස 14 දිනට යෙදුන තෛපොන්ගල් උත්සවය හින්දු ජනතාවගේ නව වසර පිළිගැනීම සහ ජීවය ලබා දෙන හිරු දෙවියන්ට තුති පිදීම වෙනුවෙන් පවත්වන සුවිශේෂී උත්සවයකි. වැඩිම හින්දු රැඳවියන් පිරිසක් සිටින යාපනය බන්ධනාගාරය ඒ වෙනුවෙන් විශේෂ දේව පූජාවක් සහ උත්සවයක් සංවිධානය කර තිබුනි. යාපනය බන්ධනාගාර ප්‍රධාන ජේලර් එච්.එම්.ඩී. හේරත් මහතා ඇතුලු [......]

2021-01-14T17:49:49+05:30ජනවාරි 14, 2021|

කුරුවිට බන්ධනාගාරයේ දිවා රාත්‍රී විදුලිපහන් සහිත අත්පන්දු ක්‍රීඩා පිටිය වීවෘත වේ………..

කුරුවිට බන්ධනාගාරයේ අධිකාරි වන ඩී.ආර්.ඩී. දසනායක මහතාගේ ඉල්ලීම පිරිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා විසින් රුපියල් ලක්ෂ 05 ක මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව කුරුවිට බන්ධනාගාරයේ නියාමක ඩබ්.ජී. රත්නසේකර හා නියාමක වරුණ ගුණසේකර මහත්වරුන්ගේ අප්‍රතිහත සහයෝගයෙන් ඉදිකරන ලද දිවා රාත්‍රී ක්‍රීඩා කල හැකි විදුලි පහන් සහිත අත්පන්දු ක්‍රීඩා පිටිය [......]

2021-01-15T12:51:57+05:30ජනවාරි 14, 2021|

යාල් ලැගුන් හොලිඩේ රිසෝට් විවෘත වෙයි.

නව යාපනය බන්ධනාගාරයට අයත් නිවාඩු නිකේතනය වන යාල් ලැගුන් නිවාඩු නිකේතනය 2021.01.09 වන දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා විසින් විවෘත කරන ලදි. මෙම නිවාඩු නිකේතනය යාපනය සහකාර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මතාගේ සංකල්පයක් අනුව ඉදිකරන ලදි. හින්දු සංස්කෘතික අංගයන්ට මූලිකත්වය ලබා දෙමින් මෙම උත්සවය අභිමානවත්ව හා ඉතා [......]

2021-01-14T15:30:55+05:30ජනවාරි 9, 2021|

සේවා ව්‍යවස්ථාව ගරු රාජ්‍ය අමාත්‍යතුමාට පිලිගැන්වීම

කලාපීය රටවල් බොහොමයක් මේ වනවිට බන්ධනාගාර පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදුකර ඇති අතර එහිදී එම රටවල් විශෝධන සේවයක් (Correctional Service) ස්ථාපනය කර බන්ධනාගාර නිලධාරීන්ගේ සේවාව වෘත්තීමය භාවයකට පත්කිරීමට කටයුතු කර ඇත. එමගින් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් පුහුණු කිරීම, උසස් වීම් ආදිය විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබයි. සිරකරුවන්ට සැලකීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ [......]

2021-01-06T19:44:35+05:30ජනවාරි 5, 2021|

බන්ධනාගාර නිල ඇඳුමට නව අලෙවිසැලක්

බන්ධනාගාර නිලධාරී / නිලධාරිනියන් හට නියමිත ප්‍රමිතියට සකස් කරන ලද නිල ඇදුම්, නිල ලාංඡන මිලදී ගැනීමට සුදුසු ස්ථානයක් නොමැති වීමේ මෙතෙක් පැවැති අඩුපාඩුව සම්පූර්ණ කරමින් ඒ සඳහා වන අලෙවි සැලක් 2021 ජනවාරි මස පළමු දින පෙරවරු 10.30 ට යෙදුනු සුභු මොහොතින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත [......]

2021-01-03T13:45:16+05:30ජනවාරි 1, 2021|

2021 නව වසරේ වැඩ අරඹමින්

2021 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව කාර්යක්ෂමව හා ඵලදායී රාජ්‍ය සේවයකට කැපවන බවට ප්‍රතිඥාව සහ දිවුරුම කියවීම බන්ධනාගාර මූලස්ථානයේ සේවය කරන සියළුම සේවාවන්ට අයත් නිලධාරි / නිලධාරිනියන්ගේ සහභාගිත්වයෙන් 2021 ජනවාරි මස පළමුවන දින පෙරවරු 8.45 ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිටදී පැවැත්වින. [......]

2021-01-03T13:34:14+05:30ජනවාරි 1, 2021|

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරයට තුසිත උඩුවර මහතා පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පැවති අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ ආවරණය සඳහා 2020-12-24 දින බන්ධනාගාර කොමසාරිස් (බුද්ධි හා මෙහෙයුම්) තුසිත උඩුවර මහතා පත්කරනු ලැබීය. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා අතින් එම පත්වීම ඒ මහතා වෙත පිරිනැමීමට කටයුතු කරන ලදී. වසර 33කට අධික කාලයක් පුරාවට [......]

2020-12-29T04:30:01+05:30දෙසැම්බර් 24, 2020|

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුරට නව පත්කිරීමක්

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේනතුව මගින් ලබා දෙන සේවාවන් සම්බන්ධව කාලීන තොරතුරු විනිවිදභාවයකින් යුතුව හා විශ්වාසනීයත්වයකින් සමාජ ගත කිරීමේ අරමුණැතිව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර ලෙස දැනට බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) ධූරයෙහි [......]

2020-12-24T09:12:53+05:30දෙසැම්බර් 17, 2020|

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමුත්තන් බැහැදැකීමේ වෙබ් යෙදවුමක් හඳුන්වාදේ

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමට සහ බන්ධනාගාර වල ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් බන්ධනාගාරගත රැඳවියන් මුනගැසීමට බන්ධනාගාරයට පැමිණෙන අමුත්තන්හට වෙලාවක් වෙන්කරවාගෙන පැමිණීමේ පහසුකම සැපයීම සඳහා වෙබ් යෙදවුමක් හඳුන්වා දී තිබේ. මෙමගින් රැඳවියන් මුනගැසීමට පැමිණෙන අමුත්තන්ගේ තදබදය අවම කිරීමත් ඔවුන්ට පහසු වෙලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් ඔවුන්ගේ කාලය ඉතිරිකර [......]

2020-12-23T18:41:20+05:30දෙසැම්බර් 15, 2020|
Go to Top