මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNODC) මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරුවන්ගේ ශ්‍රමය ඵලදායි ලෙස යොදා ගැනීමටත් බන්ධනාගාර කර්මාන්ත අංශය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මහන මැෂින්, සම්පීඩක යන්ත්‍ර (Compressor), ලෝහ පෑස්සුම් උපකරණ (Welding Plant), ආරක්ෂිත හිස්වැසුම්, වඩු කාර්මික උපකරණ හා විවිධ උපකරණ රැසක් නිල වශයෙන් මහර බන්ධනාගාරය වෙත භාරදීමේ වැඩසටහනක් 2022.06.16 වන දින මහර බන්ධනාගාර ශ්‍රවණාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ  ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

එම අවස්ථාව සදහා UNODC වැඩසටහන් සම්බන්ධිකාරක පර්නිල් ඩබිලිව්. රස්මුසෙන් මහත්මිය (Ms.Pernille w Rasmussen), UNODC  ජාතික ව්‍යාපෘති  සම්බන්ධීකාරක දුෂාන්ති ප්‍රනාන්දු  මෙනවිය, බන්ධනාගාර කොමසාරිස්  (පාලන, පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) මලීන් ලියනගේ මහතා , මහර බන්ධනාගාර අධිකාරි ඒ.සි.ගජනායක මහතා, සහකාර බන්ධනාගාර අධිකාරි වජිර අබේධීර මහතා , ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.