කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් නේවාසික සහචර නායකයින්…..

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘති වැඩමුළුවේ දෙවන අදියර අද දින (2021-03-06) කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී ආරම්භ විය. දින දෙකක පුහුණුවක් වන මෙහි පළමු අදියර වැලිකඩ බන්ධනාගාරයේ දී පවත්වන ලදී. මෙම පුහුණුව මගින් බන්ධනාගාර තුල නේවාසික සහචර නායකයන් [......]

2021-03-15T12:45:25+05:30මාර්තු 6, 2021|

බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීමට සහචර නායකයින් පුහුණු කරයි…..

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව බන්ධනාගාර තුල මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩ පිළිවලේ කොටසක් ලෙස නේවාසික සහචර නායකයින් පුහුණු කිරීම සඳහා වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර වල දෙදින පුහුණු වැඩ සටහන් පැවැත්වීමට තීරණය කර ඇත. එහි පළමු අදියර ලෙස වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු [......]

2021-03-06T13:54:53+05:30මාර්තු 3, 2021|

21 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමන්ට දෙපාර්තමේන්තුවේ උත්තමාචාරය.

1905 වර්ෂයේ ආරම්භ කරන ලද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වෙනි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් එච්.එම්.ටී.එන්. උපුල්දෙනිය මහතා 2021.02.20 වන දින සිය ස්ථීර පත්වීම ලබාගන්නා ලදී. පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විශේෂ උපාධි ලාභියෙකු බවට [......]

2021-03-02T11:18:38+05:30මාර්තු 1, 2021|

43 වන සැරයන් නිලධාරී පුහුණු පාඨමාලාව අවසන් වේ…..

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43 වන සැරයන් නිලධාරී කණ්ඩායමේ පළමු කණ්ඩායම වශයෙන් නිලධාරීන් 67 දෙනෙකු සඳහා තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන ලදී. රැකියාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදෙමින්, ශාරීරික අභ්‍යාස හා ඝණ සරඹ අභ්‍යාස ඇතුලත්වූ මෙම පුහුණුව [......]

2021-03-02T10:43:25+05:30මාර්තු 1, 2021|

බේඩ්න් ෆවල් සාමිතුමාගේ 164 වන ජන්ම දින සැමරුම වැලිකඩ බන්ධනාගාරයේදී…..

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් ෆවල් සාමිතුමාගේ 164 වන ජන්ම දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ 29 වන "විකුම්" බාලදක්ෂ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින සැමරුම් උත්සවය අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහය ප්‍රධාන කොමසාරිස් (මානවක හා තොරතුරු තාක්ෂණ) ශ්‍රීලත් ද සිල්වා [......]

2021-03-22T14:44:16+05:30පෙබරවාරි 23, 2021|

වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එම තනතුරට ස්ථීරව පත්කෙරේ…….

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 21 වන දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කැබිනට් අනුමැතිය මත පත්කරන ලද අතර අද දින අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමාගේ සුරතින් එම තනතුරට අදාල පත්වීම් ලිපිය භාරගන්නා ලදී. මෙම අවස්ථාව [......]

2021-02-19T18:09:23+05:30පෙබරවාරි 19, 2021|

බන්ධනාගාර රැඳවියන් බැහැ දැකීම Online ක්‍රමයට ……..

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කල වීඩියෝ තාක්ෂණයෙන් රැඳවියන් බැහැදැකීමේ සහ පෙර වේලාවක් වෙන්කරගෙන රැඳවියන් බැහැදැකීමට පහසුකම් සලසා දී ඇති E-visit තොරතුරු පද්ධතිය දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුල ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැසුම් කර ඇත.රැඳවියන් බැහැදැකීමට පැමිණෙන අමුත්තන් හට සිදුවන අපහසුතාවයන් මගහැරවීමත්, බන්ධනාගාර ආයතනයන් වල ආරක්ෂාව තහවුරු කරගැනීමත් අරමුණුකොටගෙන ආරම්භ කරන [......]

2021-02-20T13:00:49+05:30පෙබරවාරි 19, 2021|

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට නව පුහුණු මධ්‍යස්ථානයක්……..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියළුම පුහුණු කිරීම් සංවිධානය කර පවත්වනු ලබන බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නව අනු ශාඛාවක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී 2021-02-15 දින විවෘත කරන ලදී.බන්ධනාගාර උසස්වීම් ලද 43 වන සැරයන් පුහුණු පාඨමාලාව ආරම්භයට සමගාමීව මෙම නව පුහුණු පාසල බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සුරතින් විවෘත විය. මෙම අවස්ථාව [......]

2021-02-18T15:56:06+05:30පෙබරවාරි 16, 2021|

43 වන සැරයන් නිලධාරී පුහුණු පාඨමාලාව ආරම්භ වේ…….

දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත උසස්වීම් ලද 43 වන සැරයන් නිලධාරී කණ්ඩායමේ එම තනතුරට අදාල මූලික පුහුණු පාඨමාලාව 2021-02-15 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ආරම්භ කල අතර එම පුහුණුව අභිනවයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ස්ථාපිත පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අනු ශාඛාව මගින් මෙහෙයවනු ලබයි. මෙම පුහුණුව සඳහා නිලධාරීන් 117 දෙනෙකු සුදුසුකම් [......]

2021-03-15T12:55:38+05:30පෙබරවාරි 16, 2021|

බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දේ…

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ අවදානම් රාජකාරීන් වල නිරතවන බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ්-19 වෛරස් ප්‍රතිශක්තීකරණ එන්නතක් වන ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි මූලික අධියර ලෙස බස්නාහිර පලාතේ සේවයේ නියතු සියළු බන්ධනාගාර නිලධාරීන් සඳහා 2021-02-16/ 17/ 18 යන දින තුන තුලදී එන්නත් කිරීමට තීරණය කර ඇත. [......]

2021-03-15T12:44:01+05:30පෙබරවාරි 16, 2021|
Go to Top